brand logo

සෞඛ්‍ය ඇමතිට එරෙහිව විරෝධයක්

13 June 2019

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරෝධය පළකරමින් අද (13) පෙරවරුවේ හම්බන්තොට මහා රෝහල ඉදිරිපිටදී රෝහල් වෛද්‍ය වරුන් විරෝධතාවයක නියැළුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සංගමය මගින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබු අතර ඒ සදහා රෝහල් වෛද්‍යවරුන් පැයක කාලයක් රෝහල ඉදිරිපිටදී විරෝධතා පුවරුද රැගෙන මෙලෙස විරෝධතාවයේ නියැළුණි. ඔවුන් කියා සිටියේ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට සාක්ෂි සහිත චෝදනා තිබෙන බැවින් කඩිනමින් අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීමට රජය කටයුතු කල යුතු බවයි. අම්බලන්තොට - අජිත් පුෂ්ප කුමාර
 

More News..