brand logo

සෞඛ්‍ය ඇමතිට එරෙහිව උතුරේ වෛද්‍යවරුන් විරෝධතාවයක

11 September 2019

උතුරු නැගෙනහිර පළාත් වල සේවයේ නිරත වෛද්‍යවරුන්ගේ ‍ස්ථාන මාරු චක්‍රලේඛ අත්තනෝමතික ලෙස වෙනස් කර දේශපාලන අවශ්‍යතා මත උතුරු නැගෙනහිර සේවයකරන වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කිරීමෙන් වෛද්‍යවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් උතුරු පළාතේ වෛද්‍යවරුන් අද (11) දහවල් වවුනියාව මහ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. උතුරේ සියලු රෝහල් වල රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් විරෝධතාවය සඳහා එක්ව සිටි අතර, වෛද්‍යවරුන් පැවසූ‍වේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා චක්‍රලේඛන වෙනස්කොට ඇති බැවින් බලධාරීන් මැදිහත්ව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් චක්‍රලේඛන නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවයි. විරෝධතාවයේ නිරත වෛද්‍යවරුන් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් වෛද්‍යවරුන්ට හා රෝගීන්ට සිදුකරන අකටයුතුකම් සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බවයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන්ගේ සේවා ස්ථානමාරුවීම් අවලංගු කොට ඇති බවද චෝදනා කළේය. අනාගතයේ උතුරු පළාතේ දැඩි වෛද්‍ය හිඟයක් හා වෛද්‍ය අර්බුදයක් ඇතිවන අයුරින් කටයුතු කිරීම නවතා ස්ථාන මාරුවීම් චක්‍රලේඛන ක්‍රියාත්මක කරන ලෙසටද විරෝධතාවයේ නිරත වෛද්‍යවරුන් ඉල්ලා සිටියේය. විරෝධතාවය සඳහා උතුරු පළාතේ රෝහල් රැසක වෛද්‍යවරුන් එක්ව සිටියහ. වවුනියාව මාධව කුලසූරිය
 

More News..