brand logo

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

05 October 2020

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් - 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා සදහන් කළේ වෛරසය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බවයි. මේ වන විට රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිවුලපිටිය, වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පමණක් වන අතර, රටේ සෙසු ප්‍රදේශවල සිටින මහජනතාවට ද ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බව ඒ මහතා සඳහන් කරයි. මහජනතාව රැස්වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටිම මහජන වගකීමක් මෙන්ම, නිවෙස්වලින් පිටත පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළඳිය යුතු බවත්, නිතර අත්සේදීම හා මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද එම නිවේදනයේ මගින් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා පෙන්වා දෙයි.
 

More News..