brand logo

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමට සැරසෙයි

01 December 2019

ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බළකාය අහෝසි නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටීමට සූදානම් වෙයි. ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ කාර්ය සාධක බළකා යළි අදාළ අමාත්‍යාංශවලට යොමු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. එහෙත් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වීම හේතුවෙන් ජනාධිපති කාර්යාලය මගින් විධිමත් වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ලබන 2, 3 සහ 4 යන තෙදින එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පොලිසිය සහ යුද හමුදාව ඩෙංගු මර්දන වැඩසටහන්වලට සක්‍රිය දායකත්වයක් ලබා නොදුන් අතර මේ වන විට ඔවුන්ගේ දායකත්වය ද ලැබී ඇත. ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශවල තවත් රෝහල් කිහිපයක ඩෙංගු ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට ද නියමිතය. 2019 වර්ෂයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 80,000ක් පමණ වාර්තා වී තිබේ. උදයජීව ඒකනායක
 

More News..