brand logo

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෛද්‍ය පරිපාලකයින්ට දැනුම්දීමක්

28 May 2019

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ මෙම තීරණය පිළිබඳව සියලූම වෛද්‍ය පරිපාලකයින් දැනුම්වත් කර ඇති බවයි. විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය හමුවක් පවත්වා මාධ්‍යයට කරුණු දැක්වීමේ දී අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි. මෙම තීරණය පිළිබදව සියලුම වෛද්‍ය පරිපාලකයින් දැනුවත් කර ඇති බවත් ඉන් පරිභාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.
 

More News..