brand logo

සෞඛ්‍යාරක්ෂිත උපකරණ ඉල්ලා අන්තරෙන් ලිපියක්

11 December 2020

විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් වෙත සායනික පුහුණුව ලබන අවස්ථාවේදී භාවිත කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දෙන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඉල්ලා තිබේ. අද (11) උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත සංදේශයක් ලබා තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත වෛද්‍ය පීඨවල, සමසෞඛ්‍ය පීඨවල සහ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය, පශු වෛද්‍ය පීඨය යන පීඨවල සායනික පුහුණු කටයුතු සඳහා සම්බන්ධ වන සිසුන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ (PPE) ප්‍රමාණවත්ව ලබාදෙන ලෙසත්, සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන ලෙසත් අවධාරණය කරමින් මෙලෙස ලිපියක් භාරදී ඇත. එසේම ගැටලු ඉදිරිපත් කළ පසු ඒ සඳහා උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ ඉක්මන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොරොන්දු වී ඇති බවද පැවසේ.
 

More News..