brand logo

සෞඛ්‍යයේ අපවිත්‍ර වැඩක්

30 March 2020

මේ වන විට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන්නේ අංගොඩ, මුල්ලේරියාව හා වැලිකන්ද රෝහල්වල පමණකි. මෙම රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා ලැබුණු ආරක්ෂිත ඇඳුම් කට්ටල දෙදහසක් (2000) කිසිඳු කොරෝනා රෝගියකු නොමැති රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහලකට ලබාදීමේ අමුතුම පුවතක් සෞඛ්‍යයට සම්බන්ධ ඉහළම ආයතනයකින් වාර්තා වේ. මේ ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය පරිත්‍යාග කොට ඇත්තේ බැංකු සේවකයන් පිරිසක් විසිනි. එහෙත් ඉන් එකම ඇඳුම් කට්ටලයක් හෝ කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වලට නොලැබී රත්නපුරයට ලැබුණේ කිසියම් දේවියකගේ බැල්ම නිසාදැයි සෞඛ්‍ය අංශවල කතාබහක් ඇතිව තිබේ.
 

More News..