brand logo

සෞඛ්‍යයේ ‘අපවිත්‍ර‘ පුවත ගැන පවිත්‍රා මෙසේ කියයි

01 April 2020

“සෞඛ්‍යයේ අපවිත්‍ර වැඩක්” යනුවෙන් ඊයේ (30 වැනිදා) අප පුවත්පතේ පළ වූ ලිපිය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍යය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පිළිතුරු ලිපියක් යොමුකර තිබේ. කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 27 ක් සූදානම් කර අවශ්‍ය පහසුකම් ලබා දී ඇත. පෞද්ගලික ආරක්ෂිත ඇඳුම් කට්ටලද වෛද්‍ය සැපයුම් අංශ විසින් ලබා දී තිබේ. එම ලිපියට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් මාර්තු 01 වැනිදා සිට මේ දක්වා කොවිඩ් - 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල්වලට සපයා ඇති උපකරණ සහ අත්‍යවශ්‍යය භාණ්ඩ ලේඛනයක් ද යොමුකර ඇත. වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක විසින් සකස් කර ඇති එම ලේඛනයට අනුව මුඛ ආවරණ අටලක්ෂ හතළිස්හතර දහස් හාරසියයක්ද, එම් -95 වර්ගයේ මුඛ ආවරණ 11140 ක්ද, අත් ආවරණ 7870 ක්ද, විශේෂිත මුහුණු ආවරණ 2850 ක්ද, ආරක්ෂිත ගවුම් 4720 ක්ද, ආරක්ෂිත සපත්තු 2050 ක්ද, ආරක්ෂිත ඇඳ ආවරණ 4846 ක්ද, ජලය ඇතුළත් නොවන සපත්තු 1225 ක්ද, ඇතුළු භාණ්ඩ සහ වෛද්‍ය උපකරණ රැසක් රෝහල්වලට ලබා දී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.      
 

More News..