brand logo

සෞඛය උපදෙස් නොතැකූ පුද්ගලයන් 400කට වැඩි පිරිසක්

09 May 2021

කොවිඩ් සෞඛය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කළ පුද්ගලයින් 426 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ. ඊයේ (08) දිනයේ සිදුකළ වැටලීමක දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 6,965ක් පමණ වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ. එම පිරිසෙන් 6,000කට පමණ නඩු පවරා ඇති අතර සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇත. මේ අතර හුදෙකලා කර සංචරණ නීති පනවා තිබියදී දඹුල්ල නගරයේ තොග වෙළෙඳසලක් විවෘත කොට සෞඛ්‍ය නීති සියල්ල උල්ලංඝනය කරමින් වෙළඳාම් කටයුතු වල නිරතව සිටී එහි සේවය කළ පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලීසිය සඳහන් කරයි. එම කඩය වසා දැමීමට පොලීසිය ක්‍රියාකර ඇත.
 

More News..