brand logo

සෝදිසියකදී නුවරඑලියෙන් ඩෙටනේටර් 198ක් සොයාගැනේ

25 April 2019

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බොක්කුවක් මත තිබි ඩෙටිනේටර් 198 හමු වු බව නුවරඑලිය පොලිසිය පැවසිය. නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඇසල බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලිසිය එක් ව අද (25) උදැසන 10.30 ට පමණ සිදු කල සොදිසි මෙහෙයුමකදි සැකසහිත පාර්සලය ආරක්ෂිතව රැගෙන පරික්ෂා කර බැලිමේදි එහි තුල ඩෙටිනේටර් 198 තිබු බවයි නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසුවේ. නුවරඑලිය ප්‍රදේශයේ සොදිසි මෙහෙයුම් සිදු කරන නිසා කිසියම් අයෙකු විසින් මෙම ඩෙටිනේටර් තොගය ඇළ මාර්ගය වෙත ගෙනවිත් දමන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.
 

More News..