brand logo

සොහොන් පාලමේ සෙල්ෆි ගහන්න ගිය තරුණයාට භයානක මරණයක් අත්වෙයි

05 November 2021

මාරයා එනු දුටු මිතුරා ගගට පැනලා- පාලම උඩ සිටි මිතුරාගේ ඉරණම විසදුනු විදිහ

වව්නියාව චෙට්ටිකුලම දකුණ ප්‍රාදේශීය සභාවේ මැණික්බාම් සොහොන් පාලම ප්‍රදේශයේදී අද (05) උදෑසන සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ. තරුණයින් දෙදෙනෙකු සොහොන් පාලමේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී මන්නාරම මධ්‍යම දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය මැණික්බාම් සොහොන් පාලම අසලට පැමිණ තිබේ. දුම්රිය එනු දුටු තරුණයෙකු ගඟට පැන ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ගැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇත. මියගිය තරුණයාගේ දේහය චෙට්ටිකුලම දුම්රිය ස්ථානය වෙත භාරදී ඇති අතර ගිලන් රථයකින් මෘත ශරීරය රෝහල වෙත රැගෙන ගොස් තිබෙන අතර මෙම අනතුර සම්බන්ධයෙන් චෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
 

More News..