brand logo

සොරණාතොට අභිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක්

12 May 2021

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩමපංගුව ග්‍රාමසේවා වසමේ වෙන්දේසිකැලේ ප්‍රදේශයේ මාර්ගය අසල අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (11 වැනිදා) අලුයම සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි. ලද තොරතුරක් මත මෙම කාන්තා මළ සිරුර සොයාගත් බවත් මෙතෙක් එය කාගේ කවුරුන්දැයි හඳුනා නොගත් බවද පොලිසිය පවසයි. මියගොස් ඇති කාන්තාව පෙරේදා (10 වැනිදා) රාත්‍රී කාලයේදී ප්‍රදේශයේ නිවෙස් කිහිපයකටම ගොස් නවාතැන් ඉල්ලා තිබූ බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මැයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර කිසිවෙක් විසින් මෙම කාන්තාව ඝාතනය කළේද නැතිනම් වෙනත් අනතුරකින් මියගියේද යන්න පිළිබඳව සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය. ජයලත් දිසානායක - දෙමෝදර
 

More News..