brand logo

සොරකම් කළ යතුරුපැදි හා ත්‍රීරෝද රථ ගැන දැනුම්දීමක්

23 September 2020

බස්නාහිර පළාතේ දී සොරකම් කරන ලද යතුරු පැදි හා ත්‍රීරෝද රථ සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. 2019 සහ 2020 යන වර්ෂ වන බස්නාහිර පළාත තුළ සොරකම් කරන ලද ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොයාගැනීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කර්යාලය පැවසීය. සොරකම් කරන ලද එම යතුරු පැදි සහ ත්‍රිරෝද රථ මේ වන විටත් ඒවායේ ස්වරූපය සහ පැහැය වෙනස්කර ව්‍යාජ ලිපි ලේඛන සකස්කර විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය කීය. යමෙකු භාවිතාකරන ත්‍රිරෝද රථයේ හෝ යතුරුපැදියේ නිත්‍යානුකූල තත්ත්වය තහවුරු කරගැනීම එය භාවිත කරන අයගේ වගකීමක් වන බවත්, සොරකම් කරන ලද යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් දැන හෝ නොදැන භාවිත කිරීම අපරාධමය වරදක් බව පොලීසිය පැවසීය. පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතුමක් ලබාගැනීමෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට හැකි වේ. අධ්‍යක්ෂ/කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591727 අධ්‍යක්ෂ/බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය 071 -8592167 අධ්‍යක්ෂ/බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය 071- 8592279 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපති බස්නාහිර පළාත් කර්යාලය 0777-128128/0112-013060 2019 සහ 2020 වර්ෂයන් තුළ බස්නාහිර පළාතේ දී සොරකම් කෙරුණු, මෙතෙක් සොයාගෙන නොමැති ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවල ලියාපදිංචි අංක, එන්ජින් අංක සහ චැසි අංකවල ලැයිස්තුවක් පහත දැක්වේ.
 

More News..