brand logo

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ගැනීමට කොළඹ පැමිණීම අවශ්‍ය නැහැ

11 January 2021

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සභ ඒ සඳහා වන අයැදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින කොරෝනා- 19 වසංගත තත්ත්වය පැතිර යාම නිසා විශාල වශයෙන් මහජනතාව කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණීම වළක්වා ගැනීමේ අරමුණින් අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම්වලට අදාළ සියලුම කටයුතු ලංකාව පුරා ඇති දිස්ත්‍රික් හා කලාප කම්කරු කාර්යාලවලට විමධ්‍යගත කර ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි. මෙසේ දිස්ත්‍රික්ක කලාප කම්කරු කාර්යාල වෙත ලබා දෙන සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමේ අයැදුම්පත්‍ර එම කාර්යාල මගින්ම සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමේ පහසුකම් මේ වන විට සම්පාදනය කර ඇත. එම නිසා සිය අයැදුම් පත්‍ර දිස්ත්‍රික් හෝ කලාප කාර්යාලවලට භාරදීම මගින් ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ කිසිදු ප්‍රමාදයක් සිදු නොවන බවත්, එවැනි ප්‍රමාදයක් ඇති වේ යැයි කිසිදු සැකයක් හෝ බියක් ඇති කර ගත යුතු නැති බවත් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පෙන්වා දෙයි. එහෙත් කොළඹ ප්‍රදේශයේ ආයතනයක සේවය කළ අයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීමේදී, මේ වන විට එම ආයතනය වසා දමා ඇත්නම් එම පුද්ගලයන් පමණක් සිය අයැදුම්පත් භාරදීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ කම්කරු මහලේකම් කාර්යාලයට පැමිණිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරයි. අජිත් අලහකෝන්
 

More News..