brand logo

සේවකයෙකුට කොරෝනා වැළදී NSB වහයි

28 October 2020

යක්කල ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. එම ආසාදිතයා වාර්තා වීමත් සමඟ ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 28 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කරමින් බැංකු ශාඛාව අ​ද (28) සවස වසා දැමීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. ඔහුට ඇතිවූ රෝග ලක්ෂණ මත ගම්පහ රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇත. එහි වාර්තා අනුව කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම මත මෙම පියවර ගනු ලැබූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය. 29 හැවිරිදි අයෙකු වන මොහු ගම්පහ, ඉදිගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහුට රෝගය ආසාදනය වී ඇති ආකාරය වූ අන්දම අනාවරණය වී නොමැති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා පවසයි. ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ බැංකු කාර්ය මණ්ඩලයෙහි 28 දෙනා ස්වයං නිරෝධායනයට ලක් කොට දින 10 කට පසුව පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..