brand logo

සේරම් ආයතනයේ ගින්නක්

21 January 2021

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ පූනේහි පිහිටි සේරම් ආයතනයේ විශාල ගින්නක් හටගෙන තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග එක්ව වැඩිදියුණු කෙරෙන කොරෝනා වෛරසයට එරෙහි කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේද මෙම ආයතනයෙන් බව වාර්තා වේ . ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත්, අදාළ සමාගම උපුටා දක්වන ඉන්දීය මාධ්‍යවල දැක්වෙන්නේ, මෙම ගින්න හේතුවෙන් කොවිෂීල්ඩ් එන්නතේ නිෂ්පාදන කටයුතුවලට බාධාවක් සිදුවී නොමැති බවය.
 

More News..