brand logo

සේනා මර්දනය කිරීමේ පර්යේෂණ සාර්ථකයි

23 January 2019

සේනා දළඹුවා මර්දනය සඳහා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත් වුණා. සේනා දළඹුවා බඩ ඉරුඟු හා එළවළු වගාවන්ට පමණක් නොව මෙරට ප්‍ර‍ධාන කෘෂි භෝගය වන වී වගාවට ද හානි කරන බව කීට විද්‍යාඥයෝ සොයා ගත්තා. ඒ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන්. මෙම දළඹුවා බඩ ඉරිඟු වගාව තුළ එක් ආකාරයකටත් වී වගාව තුළ තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන බවයි කීට විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව වී වගාව තුළ මෙම දළඹුවා මර්දනය කිරීම පිළිබඳව බලතගොඩ වී පර්යේෂණ ආයතනය කළ පරීක්ෂණ සාර්ථක වී තිබෙනවා.
 

More News..