brand logo

සේනා දළඹු වසන්ගතය උඩරට එළවළු වගාවටද පැතිර යෑමේ අවධානමට වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරයි

15 January 2019

සේනා දළඹු වසන්ගතය උඩරට එළවළු වගාවටද පැතිර යෑමේ අවධානමක් පැවතීම නිසා එම තත්වය මැඩ පැවැත්වීම සදහා වැලිමඩ කලාපීය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ හසංතා උදයංගනී මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට වැලිමඩ හා ඌව පරණගම කෘෂිකර්ම කලාප තුල වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර තිබේ. මෙම වැඩසටහන් වල එක් වැඩසටහනක් ලෙස සති පොලවල් ආශ‍්‍රිතව ඉරිගු අලෙවියේ නිරත වන වෙලෙදුන් දැණුවත් කිරීම හා එම සති පොලවල් වල විකිනීමට තබා ඇති බඩ ඉරිගු කරල් පරික්ෂා කිරීම සිදු කරයි. මේ යටතේ පසුගියදා කැප්පෙටිපොල නගරයේ පවත්වාගෙන යන සති පොල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ හසංතා උදයංගනී මහත්මියගේ මූලිකත්වයෙන් එම කාර්යාලයේ නිළධාරින් එක්ව පරික්ෂා කිරීමේ කටයුතුවල හා ගොවින් දැණුවත් කිරීමේ කටයුතු වල නිරත විය. මෙහිදී සේනා දළඹු කීට අවස්තාව ඇති බඩ ඉරිගු කරල් කිහිපයක්ම සොයා ගැනීමට හැකිවු අතර ගොවින්හට උපදේස් ලබා දෙන ලැබුවේ වහා ඒවා ගිණිතබා විනාශ කරන ලෙයසි. තවද මෙම බඩ ඉරිගු පිට පලාත් වලින් මෙලෙස විකිණිම සදහා වෙළදුන් මිලට ගෙන තිබූ අතර මින් පසු විකිණිම සදහා බඩ ඉරිගු මිලට ගන්නා විට වඩාත් සැලකිළිමත් වන ලෙසත් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරින් විසින් වෙලෙදුන්හට උපදෙස් ලබා දෙන ලදී. මෙම සති පොල පරික්ෂා කිරීමේ අවස්තාවට වැලිමඩ කලාපිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ හසංතා උදයංගනි මහත්මිය ඇතුළු වැලිමඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරින් පිරිසක් එක්ව සිටියහ. වැලිමඩ පේ‍්‍රමලාල් රත්නායක
 

More News..