brand logo

සේනාට මිලක් නියම කරන්න ගොවිජන සම්මේලනය කියයි

26 January 2019

සේනා දළඹුවන් මර්දනය කිරීමට නම් දළඹුවාට මිලක් නියම කර දළඹුවන් අල්ලන්නට මුදල් ගෙවීමේ වැඩසටහනක් ආණ්ඩුව මැදිහත්ව ක්‍රියාවට නංවන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසයි. සේනා දළඹුවා විනාශ කළ යුත්තේ දළඹුවා අවදියේ බැවින් සලබයෙක් වීමට ප්‍රථම විනාශ කළහොත් ව්‍යාප්තියට තිත තැබිය හැකි බව ඒ මහතා පැවසීය. සලබ අවදියේදී බිත්තර 150-200ක් පමණ දමන නිසා දළඹු අවදියේදී පණපිටින් අල්ලා විනාශ කරන්නේ නම් කෙටිකාලයකින් මර්දනය කළ හැකි බව යන්න ඔහු පවසයි. කෘමිනාශක මගින් මර්දනය කරන්න ගියාට තාම සාර්ථක වෙලා නෑ. ඒකෙන් වෙන්නේ බහුජාතික සමාගම්වලට වාසි වන එක විතරයි. හැබැයි දළඹුවාට මිලක් නියම කළොත් දැන් වගාවත් විනාශ වෙලා දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා ඉන්න ගොවියාට මුළු පවුලම එකතු වෙලා දළඹුවන් එකතු කරන්න පුළුවන්. බ්‍රිතාන්‍යය ලංකාව යටත් කරගෙන ඉන්න කොට අලි ගහනය මර්දනය කරන්න කළේ ඝාතනය කරන අලියකුට මුදලක් ගෙවන එක යැයි ද කරුණාරත්න මහතා පැවැසීය
 

More News..