brand logo

සෙලින්කෝ ලයිෆ් දිවුලපිටියේ පරිසර හිතකාමී හරිත ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කරයි

26 December 2020

සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක සැලසුම් සහගතව ඉදිකර විවෘත කෙරුණු සමාගමට අයත් දිවුලපිටිය ශාඛාව මෙම නගරයේ විවෘත කෙරුණු පළමු හරිත ගොඩනැගිල්ල විය. සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක ඉදිකළ 39 වැනි සෙලින්කෝ ලයිෆ් ශාඛා ගොඩනැගිල්ල වන මෙය සමාගම විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිකළ හතරවැනි ශාඛා ගොඩනැගිල්ල වේ. තට්ටු දෙකකින් යුක්ත මෙම ගොඩනැගිල්ල වර්ග අඩි 5,500 ක ඉඩකඩකින් සමන්විත වන අතර සමාගමට අයත් ඉඩම්වල ඉදිකරන ශාඛා සඳහා නිර්දේශිත පරිසර හිතකාමී ක්‍රමවේදයන් භාවිත කර තිබේ. මෙම ශාඛා ගොඩනැගිල්ල අංක 131, මීරිගම පාර, දිවුලපිටිය යන ලිපිනයේ පිහිටා තිබෙන අතර මෙම ගොඩනැගිල්ල සඳහා සම්පූර්ණ බලශක්තිය ලබාදෙන්නේ කිලෝවොට් 20 ක සූර්ය විදුලිබල පද්ධතියක් මගිනි. මේ නිසා, මෙම ගොඩනැගිල්ල සඳහා ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබා නොගන්නා බව සමාගම සඳහන් කරයි. මීට අමතරව, සමාගම විසින් පරිසරය ආරක්ෂා කර ගැනීමට දක්වන කැපවීම පෙන්නුම් කරමින් වැසි ජලය එක්රැස් කරන පහසුකමක් සහ අප ජලය පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාරයක්ද මෙම ශාඛා ගොඩනැගිල්ලේ ගොඩනගා ඇත.
 

More News..