brand logo

සෙලාන් බැංකුව ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමග එක්වී සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනමයි

29 June 2021

සෙලාන් බැංකුව, ශ්‍රී ලංකාවේ රථවාහන අලෙවි ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළැඹ ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම මගින් අලෙවි කරනු ලබන සියලුම ලියාපදිංචි හා ලියාපදිංචි නොකළ රථවාහන සඳහා සෙලාන් බැංකුව වෙතින් සුවිශේෂී ලීසිං පහසුකම් හිමි වේ. වාහන මිලදී ගන්නා ගැනුම්කරුවන්ට මෙම හවුල්කාරීත්වය යටතේ විශේෂ පොලී අනුපාත, නොමිලේ ලියාපදිංචිය, සහ රක්ෂණ වාරික සඳහා වට්ටම් හිමිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. එමෙන්ම තමන් කැමති වාහනය එක් දිනක් ඇතුළත හිමිකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබෙන ආකාරයට තම ලීසිං සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ පහසු කිරීමටද සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් හිමිවන ආකාරයට, ඔවුන්ගේ අවශ්‍යතාවන් හා ආදායමට අනුව, අවම ලිපිලේඛන සමගින් ලීසිං පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා සෙලාන් බැංකුව සෑම විටම කටයුතු කරයි. විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට මෙන්ම, තමන් මෙතෙක් සිහින දුටු වාහනය තමන් සතු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ගනුදෙනුකරුවන්ටද ඉක්මනින් එම සිහින සැබෑ කරගැනීමට හැකිවන ආකාරයට මෙම ලීසිං සේවාවන් සැලසුම් කර තිබේ.
 

More News..