brand logo

සෙලාන් බැංකුවෙන් කොළඹ නැගෙනහිර මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක්

22 June 2020

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, මෙරට COVID-19 රෝගීන් හට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමුඛත ම කාර්යභාරයක් ඉටු කරන කොළඹ නැගෙනහිර මූලික රෝහලට පූර්ණ පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් ඉදි කිරීමට පසුගියදා කටයුතු ආරම්භ කළේය. වසංගත තත්ත්වයට ගොදුරු වූ ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා එම රෝහල සතු පහසුකම් මෙම දැඩි සත්කාර ඒකකය මගින් තවදුරටත් ශක්තිමත් කෙරේ. දැඩි සත්කාර ඒකකය ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සෙලාන් බැංකුවත්, ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වූහ. ශ්‍රී ලංකා රජයේ නිර්දේශ අනුව කොළඹ නැගෙනහිර රෝහල COVID-19 රෝගීන් සඳහා ම වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරිණි. ඒ අනුව, එම රෝගී තත්ත්වය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් හට ප්‍රතිකාර ලබාදීම සඳහා දැඩි සත්කාර ඒකකයක අවශ්‍යතාව මැනවින් අවබෝධ කර ගත් සෙලාන් බැංකුව එම සහයෝගය ලබා දීමට ඉදිරිපත් විය.
 

More News..