brand logo

සෙල්ල කතරගම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක් - 5කට තුවාල - 34ක් අත්අඩංගුවට

19 January 2020

සෙල්ල කතරගම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 5දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සදහන් කළේ මෙම ගැටුමට සම්බන්ධ පුද්ගලයින් 34දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ගැටුමට හේතුවී ඇත්තේ මොවුන් බීමතින් මැණික් ගඟේ නිරුවතින් දිය නාමින් සිටියදී ඊට විරුද්ධ වූ ප්‍රදේශවාසීන් පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමක් බව පොලීසිය සදහන් කරයි. ඊයේ (18) පස්වරුවේ ඇති වූ මෙම ගැටුමේදී සැකකරුවන් එල්ල කළ පහරදීම් වලින් එම ප්‍රදේශයේදී පදිංචිකරුවන් 5දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (19) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතිව තිබේ.
 

More News..