brand logo

සෙරීනා නැවතත් ජයග්‍රාහී මාවතට...

05 September 2018

23 වරක් ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ශූරතා දිනා සිටින සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා සෙරීනා විලියම්ස් ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබේ. ඇය මෙම අවස්ථාව හිමිකරගෙන ඇත්තේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී චෙක් ජනරජයේ ක‍්‍රීඩිකා කැරොලිනා ප්ලිස්කෝවාව තරග වට 2-0 කින් (6-4, 6-3) පරාජය කරමිනි. ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඒ. සැවැස්ටෝවා සමගින් සෙරීනා තරග වදිනු ලබයි.
 

More News..