brand logo

සෙරීනාගේ බහින කලාවද?

15 August 2018

ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ටෙනිස් ශූරතා 23 කට හිමිකම් කියන සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා සෙරීනා විලියම්ස් සින්සිනාටි විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටයෙන්ම ඉවතට විසිවී තිබේ. චෙක් ජනරජයේ 28 හැවිරිදි පෙට්රා විටෝවා හමුවේ තරග වට 2-1 කින් පරාජය වීම හේතුවෙන් සෙරීනාට මෙලෙස එම ශූරතාවලියෙන් ඉවත් වීමට සිදුවිය. එම තරග වටයන්හි ලකුණු තත්වයන් පිළිවෙලින් 6-3 ක්, 2-6 ක් සහ 6-3 ක් ලෙසින් දැක්විණි. මීට ඉහතදී පැවැති සිලිකන් විලේ ක්ලැසික් ටෙනිස් තරගාවලියේදීද සෙරීනාට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවූ අතර සිය පළමු දරු ප‍්‍රසූතියෙන් පසුව තවමත් ඇයට සුපුරුදු ටෙනිස් රිද්මයට පැමිණීමට නොහැකි වී ඇති බවට විචාරකයෝ පවසති.
 

More News..