brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 15ක ජල කප්පාදුවක්

20 June 2019

2019 ජූනි මස 22 වන දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව ජල සැපයුම පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුන බව මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරන අතර කොළඹ, දෙහිවල,ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම,බොරලැස්ගමුව, කොළොන්නාව, නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙලෙස ජල කප්පාදුව බලපැවැත් වෙයි.  
 

More News..