brand logo

සෙනරත් පරණවිතානයන් නැවතී සිටි නවාතැන්පළ සංචාරක නිකේතනයක් කරයි

05 March 2019

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැවසෙන ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. වසර ගණනාවක් සෙනරත් පරණවිතාරණ ශූරීන් රැඳී සිටී ඉපැරණි නිවාසයේ කාමරවල මෙන්ම ඔහු භාවිත කළ ඇඳ, පුටු, මේස, ආදී භාණ්ඩ ද ඕනෑම සංචාරකයෙකුට පරිහරණය කිරීමේ අවස්ථාව ද ලබාදී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සීගිරි පව්ව ඉදිරිපිට ඉතා මනරම් ස්ථානයක පොල් අතුවලින් සෙවිලි කරන ලද කටුමැටි ගැසූ සංචාරක නිකේතනය සෙනරත් පරණවිතාරණ ශූරීන් වසර 25කට පමණ වැඩි කාලයක් මෙහි රැඳී සිටි ස්ථානය ලෙස සැළකෙනා අතර ‍සීගිරි කලාප භාර පුරාවිද්‍යා නිලධාරි ප්‍රේම් මහතාගෙන් කියා සිටියේ කොළඹ පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලයෙන් ඕනෑම දෙස් විදෙස් සංචාරකයකුට මෙම නිවාඩු නිකේතනය මුදල් ගෙවා වෙන් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බවය. සෙනරත් පරණවිතාරණ මහතා සිටි මෙම නවාතැන්පලේ තිබුණු පැරණි භාණ්ඩ රැසක් මේ වනවිට කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බව ඔහු පවසුවේය. සීගිරිය නැරඹීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එක් විදේශිකයෙකුගෙන් රුපියල් 5,000ක මුදලක් අයකෙරේන අතර සෙනරත් පරණවිතාන ශූරීන් නවාතැන්ගෙන සිටි ඉපැරණි නිවසේ කාමරයක රැඳී සිටීම සඳහා රුපියල් 400ක පමණ ආසන්න මුදලක් දිනකට ලබාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
 

More News..