brand logo

සූර්වෙලා අනතුරක් කළ රංගේ බණ්ඩාරගේ පුත්‍රයාට දඩය 35,000යි - මාස 6කට ඩ්‍රයිවින් බෑ

18 February 2020

බීමතින් රිය පදවා දේපළ හානි සිදුකිරීම හා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරට රුපියල් 32,500ක දඩ මුදලක් නියම කළ අතර, රියදුරු බලපත්‍රය මාස 6ක කාලයකට අත්හිටුවීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. හලාවත - බංගදෙණිය ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරකට අදාළ නඩු විභාගය අද කැදවූ අවස්ථාවේදී හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතා මෙම නියෝගය කර තිබේ. අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිරදඩුවම් පැනවීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය. එම අනතුරෙන් අලාභහානි සිදුවූ නිවස යළි අලුත්වැඩියා කර අධිකරණයට දැනුම් දෙන ලෙසත්, රජයේ රථ වාහනයකට අලාභ කිරීමට එරෙහිව වෙනත් නඩුවක් ගොනුකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.
 

More News..