brand logo

සූර්යබල සංග්‍රාමය යටතේ විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක් - ඇමති රවී

05 June 2019

සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර ඇති බව විදුලිබල, බලශක්ති සය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ එකගත්වය ඇතිව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවයි. ඒ අනුව මේ වසරේ අගෝස්තු 01 දින සිට Net Plus ක්‍රමවේදය පමණක් ක්‍රියාත්මක කිරීමට ඕනැම විදුලි පාරිභෝගිකයෙකුට ලබාදීම, කි.වො. 50ට අඩු ධාරිතාවයන් සදහා වසර 20ක කාලය තුල විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව රු. 19.75 ක්ද, කි.වො. 50 සිට කි.වො. 1000 දක්වා විදුලිය මිලදි ගැනීමේ එක් ඒකකයක ගාස්තුව රු. 18.75 ක් ද, කි.වො. 1000ට වඩා ධාරිතාවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේදී ලබාදෙන මුදල ඒකකයකට රු. 16.00 ක් වශයෙන්ද සංශෝධනය කර ඇත. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයතු කරන බව අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.
 

More News..