brand logo

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සේවකයින්ට අවුරුද්දට ‘හුළං’

06 April 2019

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආයෝජකයින් යටතේ සේවය කරනු ලබන සේවකයින්ට සිංහල හින්දු අලුත් අවුරුදු සඳහා මෙවර උත්සව අත්තිකාරම් නොලැබී ඇති බවට රටවටින් තොරතුරු වාර්තා වේ. පවතින ආර්ථික අවපාතය අනුව සිය ව්‍යාපාර කඩා වැටීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ආයෝජකයින් පවසයි. සේවකයින් 50-200 අතර සිටින සේවායෝජකයින්ගේ ව්‍යාපාර මෙම අර්බුදයට පත්ව ඇත. ගෙවුණු වර්ෂවල කෙසේ හෝ මෙම ව්‍යවසායකියන් උත්සව අත්තිකාරම් ලබාදී ඇති අතර ඇතැමුන්ගේ බැංකු ගිණුම් අයිරා බවට පත්වීම නිසා ඔවුන් දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇති බවද වාර්තා වේ. සිය නිෂ්පාදන වියදම ඉහළ යාම, නිෂ්පාදන අලෙවි නොවීම, විදුලිය බිඳවැටීම, ආදී ගැටලු මේ සඳහා මූලිකව බලපා ඇත.
 

More News..