brand logo

සුළු වැරදි වලට සේවයෙන් ඉවත් කල ලංගම සේවකයන් යළි සේවයට

25 February 2020

පසුගිය දින ජනතා අයිතියට පත් කෙරුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වු කොටසේ ධාවනයට නව සුඛෝපභෝගි බස් රථ 16ක් එක් කිරිමේ මුලික උත්සවය ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ හම්බන්තොට බස් නැවතුම් පොලේදි ආරම්භ කෙරුණි. එහිදී මුල්ම බස් රථය අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පදවමින් ගමන් ආරම්භ කිරීමද විශේෂත්වයකි.ඒ අනුව අද හම්බන්තොට ඩිපෝවට අයත් බස් රථ 04ක් හා තංගල්ලඩිපෝවට අයත් බස් රථ 04ක් ධාවනයට එක්කෙරුණි.බස් රථ 04ක් කොළඹ සිට හම්බන්තොටට හා තංගල්ලට පැමිණෙන අතර තවත් බස් රථ 04ක් හම්බ්තොට හා තංගල්ල සිට කොළඹබ බලා ධාවනය විමට නියමිතය.ඉදිරියේදි තවත් ලංගම බස් රථ කිහිපයක් හා පුද්ගලික අංශයේ බස් රථ කිහිපයක්ද මාර්ගයට එක් කිරීමට බලා පොරොත්තුවන බවයි අමාත්‍ය වරයා පැවසුවේ. මෙහිදී පැවති උත්සවය අමතමින් අමාත්‍ය වරයා මෙසේද පැවසීය. අපේ ඩිපෝවල තත්වය දිහා බැලුවම ඒවා ඉතා දුර්වල මට්ටමක තමයි තියෙන්නේ. එක අතකින් බැළුවම අපි සතුටු වෙන්න ඕනේ මෙච්චර දුර්වල මට්ටමක තිබියදීත් මෙවැනි සේවාවක් ජනතාවට සපයන්න මේ සේවකයන් කටයුතු කිරිම ගැන. ඒ සියළු සේවකයන්ට අපි ප්‍රසංසා කරන්නත් ඕනේ ඒ අයට තියෙන්න ඕන මුලික පහසුකම්වත් නැතිව මේ බස් රථ ධාවනය කිරිමට එක්විම ගැන. ඉදිරියේදී සියළුම ලංගම සේවකයන්ට ලබා දිය යුතු සියළුම පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. ඔවුන්ට පෙර හිමිවෙලා තිබුණු පසුව කප්පාදුවට ලක්වෙච්ච සියළු පහසුකම් ලබාදීලා ඔවුන්ට තිබුණු තත්වය යළි ස්ථාපිත කරලා ඒ අයගෙන් හොද සේවයක් ලබා ගැනීමට අපි කටයුතු කරනවා. සේවකයන්ට අවශ්‍ය සියළු පහසුකම් දෙනා වගේම අනෙකුත් නීති රිතිත් අපි වැඩි කරනවා.ඒකත් මේ වෙලාවේ කියන්න ඕනේ. දැනට සේවක මන්ඩලයේ දැඩි හිගයක් තියෙනවා. දවසකට බස් රථ 700ක් විතර ධාවනයට එක් කිරීමට අපහසු වෙලා තියෙනවා රියදුරුවරු හා කොන්දොස්තරවරු නොමැතිව. ඒ නිසා මන් සභාපති තුමාට උපදෙස් දුන්නා සුළු සුළු වැරදි නිසා සේවයෙන් ඉවත් කෙරුණු අය පිළිබදව සොයලා බලලා පළමුවෙන්ම ඒ අය නැවත් සේවයට එක් කරගන්න කියලා මන් උපදෙස් දුන්නා. මුල්‍ය වංචාවලට හසු වු අයට නම් අපිට ඒ අවස්ථාව දෙන්න පුළුවන් කමක් නෑ. අපේ රටේ පොදු මහ ජනතාවට මේ පොදු මගි ප්‍රවාහන සේවය ශක්තිමත් කලොත් විතරයි මේ රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි රජයක් ලෙස පොදු මගී පුවාහන සේවය දියුණු කිරීමට අවශ්‍ය සියළු පියවර ඉදිරියේදි ගන්නවා යැයිද අමාත්‍ය වරයා පැවසීය. අධිවේගි මාර්ගයේ බස් ගාස්තුද පහත පරිදි ප්‍රකාශයට පත් කිර තිබේ. හම්බන්තොට සිට කොළඔට රුපියල් 880ක් තංගල්ල සිට කොළඔට රුපියල් 680යි, හම්බන්තොට සිට මාකුඹුරට රුපියල් 810යි, තංගල්ල සිට මාකුඹුරට රුපියල් 610ක් අය කෙරේ. නුවන් ජයසේකර - මීගහජදුර
 

More News..