brand logo

සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ඇප දෙන්න මාර්ගෝපදේශය නිකුත් වේ

11 April 2020

පසුගිය දා සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ඇප මත නිදහස් කිරීමට අදාලව මාර්ගෝපදේශය ඇතුලත් ලිපියක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ. රැදවූවන් ඇප මත නිදහස් කිරීමට අදාල උපදෙස් කිහිපයක් නීතිපතිවරයා විසින් නිකුත් කර තිබේ. අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්වල ශුද්ධ බර ග්‍රෑම් දෙකකට හෝ ඊට වැඩි නොවන අවස්ථාවලදී ඇප මත මුදාහැරීම පිළිබඳ සලකා බලන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත හෙරොයින්වල දල බර ප්‍රමාණය ග්‍රෑම් 10 ත් 20 ත් අතර වන විට සහ රජයේ රස පරීක්ෂක වාර්තාව නිකුත් වී නොමැති විට මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්, හෙරොයින් දල බර ග්‍රෑම් 5 ත් 10 ත් අතර වන අවස්ථාවකදී මසකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ඇප ලබාදීමට සුදුසු වෙයි. හෙරොයින් දල බර ග්‍රෑම් 5 ට අඩු අවස්ථාවකදී බන්ධනාගාර ගතව සිටින කාලසීමාව අදාල නොවන අතර හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් එකත්, දෙකත් අතර සහ මාස 3 කට වැඩි කාලසීමාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රැදවුවන්ට ද ඇප ලබාගැනීමේ අවස්ථාව හිමි වෙයි. හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් එකට අඩුවන අවස්ථාවල මසකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ නම් ද ඇප ලබා ගැනීමේ අවස්ථාව පවතින බවයි නීතිපතිවරයා පොලිසියට දැනුම්දී ඇත. මීට අමතරව ගංජා කිලෝග්‍රෑම් 5 කට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන මසකට වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටින්නන්ටද , ගංජා කිලෝග්‍රෑම් 5 කට අඩු ප්‍රමාණයක් සදහා අත්අඩංගුවට ගත් තැනැත්තන්ට බන්ධනාගාරගතව සිටින කාලසීමාව නොසලකා ද ඇප ලබා ගත හැකියි.
 

More News..