brand logo

සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් ලැබෙන්නේ සජිත්ට

07 November 2019

මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. පසුගිය දා වවුනියා ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මෙම මැතිවරණය උතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, ඉස්ලාම් ජනතාව ඉතාමත්ම හොදින් සිතා බැලියයුතු මැතිවරණයක්. ඇතැම් පිරිස් ඉස්ලාම් නායකයන් ගැන ද්‍රවිඩ නායකයන් ගැන සිංහල ප්‍රදේශ වලට ගොස් විෂබීජ පතුරුවා බොරු ප්‍රචාරය කර අහිංසක සිංහල සමාජය අතරේ ජාති බේදයක් ඇති කිරීමට කටයුතු කරනවා. රටේ ආරවුල් ඇති කිරීමට ගැටුම් ඇති කිරිමට ශක්තිය දෙමින් සිටිනවා. මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව එනම් සුළු ජාතීන් මෙම මැතිවරණයේදී ඉතා සුපරක්‍ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි. සුලු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාසට ලබා දෙන විට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැලැක්විය නොහැකියි. එමනිසා මෙම මැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදීගොස් ඡන්දය දීමට බැහැ. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය කොල්ලකෑමට හෝ විනාශ කිරීමට, සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට මෙම මැතිවරණයේදී ඡන්ද වර්ජනයක් කරන බව තවත් කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් පවසමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේ අපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේදී සුළු සුළු පක්‍ෂවල සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. මෙසේ කොටස් කිහිපයකට බෙදී අපගේ ඡන්දය පරිහානියට පත්කළ යුතු නැහැ. සජිත් ප්‍රේමදාස හැර වෙනත් කෙනෙකුට අපි ඡන්දය ලබා දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයට පත් වීම කිසිවෙකුට වැලැක්විය නොහැකි බව අපි දැනගත යුතුබව ඔහු ප්‍රකාශ කළේය.
 

More News..