brand logo

සුළි සුළඟින් පුද්ගලයෙක් අතුරුදහන් වෙලා

03 December 2020

බුරවී සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 12,252කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුළි කුණාටුවේ බලපෑමෙන් සිව් දෙනකු තුවාල ලබා ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. තුවාල ලබා ඇති 04 දෙනා පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. කුණාටුවෙන් නිවාස 15 ක් සම්පූර්ණ වශයෙන් විනාශ වී ඇති බවත් තවත් නිවාස 192කට අර්ධ හානි සිදුව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
 

More News..