brand logo

සුළි කුණාටුවට මුහුණදීමේ සූදානම් ගැන චමල් කියයි

02 December 2020

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇති වී තිබෙන ''බුරවි'' සුළි කුණාටුවට මුහුණ දීම සඳහා සූදානම් බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය. ආපදා තත්වයකට රට මුහුණ දෙන මෙවන් අවස්ථාවක පාර්ලිමේන්තුව ඒ පිළිබඳව දැනුම්වත් කිරීම තම යුතුකම බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා ගෙන ඇති පියවර පිළීබඳ සභාව දැනුවත් කළේය. කාළගුණ විද්‍යා දෙපාරත්මේන්තුව විසින් නොවැම්බර් 27 වන දින කරන ලද අනාවැකියකට අනුව නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බවට අනාවකි පළ කළ ඇත. එම අඩු පීඩන තත්වය අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බවත් එය සුළි කුණාටු තත්වයකට වර්ධනය වී දෙවැනි දින ත්‍රිකුණාමලයට ගිණිකොන දෙසින් මඩකලපුව ප්‍රදේශ අතරින් ශ්‍රී ලංකාවට ඇතුල් විය හැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීම් පළ කර ඇත. ඒ අනුව මෙමගින් බලපෑම් ඇති කරන ත්‍රිකුණාමලය,මඩකලපුව,මුලතිවු යාපනය, උතුරු සහ උතුරු මැද නැගෙනහිර සහ බලපෑමට ලක් විය හැකි සියළු දිස්ත්‍රික් සඳහා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර දිස්ත්‍රික් මට්ටමින් දැනුම්වත් කිරීම් කර තිබේ. බලපෑමට ලක්වන දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් දිස්ත්‍රික් ප්‍රජාව දැනුවත් කර ඇති අතර ඒ සඳහා පහත සඳහන් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා කීය. නොවැම්බර් 27 සිට දිවයිනේ නැගෙනහිර වෙරළ ප්‍රදේශ වල නාවික කටයුතු වල නොයෙදෙන ලෙසත් නෙගැඹුරු මුහුදු තීරයේද ධීවර කටයුතු වල නොයෙදෙන ලෙසත් , තවද ධීවර කටයුතු වල යෙදී සිටි ධීවර ප්‍රජාව ගෙන්වා ගැනීමටත් රජය කටයුතු කර තිබේ. සුළි කුණාටු තත්වය නිසා උදම් රළ මීටරයක් දක්වා ඉහළ යාම නිසා හැකි බැවින් මුහුදු ජලය රට තුළට පැමිණ හැකි බැවින් මුහුදු බඩ වෙසෙන ධීවර ජනතාව එම ප්‍රදේශයන්ගෙන් ඉවත් කිරීම කටයුතු කර ඇත. ධීවර මෙවලම් රට තුළට සහ ආරක්ෂිත ස්ථානයන්ට ගෙන යාමට උපදෙස ලබා දී ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ ඇති, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,ආපදා සහණ සේවා මධ්‍යස්ථානය ඇතුළු ආයතන මෙම තත්වයටමුහුණ දීම සඳහා පූර්ව සූදානමකින් කටයුතු කරන බවද කීය ගස් කඩා වැටීම්, නිවාස අලාභහානි , යටිතල පහසුකම් වළට සිදුවිය හැකි හානි හඳුනාගෙන ඒ පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ඇත. අනතුරට පත් විය හැකි යටිතල පහසුකම් පැය 24ක් තුළ නැවත යථා තත්වයට පත් කිරීමට කටයුතු කර ඇත. මෙම ආපදාව නිසා ජල ගැලීම් වලට ලක් වන ප්‍රදේශ වල ජනතාව ජනතාව සුරක්ෂිත ප්‍රදේශ වලට යැවීමටද එම ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු සේවා සැපයීම සඳහා රුපියල් මිලියනයක මුදලක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී තිබේ. අමතර ප්‍රතිපාදන අවශ්‍ය නම් එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කර ඇත. එම ජනතාවට අවශ්‍ය වන්දි මුදල් සම්බන්ධයෙන්ද අවශ්‍ය චක්‍ර ලේඛ නිකුත් කර ඇත. මෙම ප්‍ර දේශ වල ආරක්ෂක මූලස්ථානය න් දැනුවත් කර ත්‍රිවිධ හමුදා මුදා ගැනීම් කණ්ඩායම් සූදානම් කර තිබෙන බවත් පොලිස් ස්ථාන ද සීරුවෙන් තබා ඇති බවද අමාත්‍යවරයා විස්තර කළේය. 117 හදිසි ඇමතුම් මැදිරිය පැය 24 ම පුරාම ක්‍රියාත්මක බවත් දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථාන සහ එම කමිටුද පැය 24 පුරාම ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
 

More News..