brand logo

සුසන්තිකාට සුගතදාසය භාරදෙයි?

14 September 2018

සුගතදාස ජාතික ක‍්‍රීඩා සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ වෙත පැවරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. සුසන්තිකා ජයසිංහ 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේ මීටර 200 ඉසව්වේ රිදී පදක්කම සහ 2007 ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 200 ලෝකඩ පදක්කම දිනාගනිමින් මෙරට ක‍්‍රීඩා ඉතිහාසයේ ඉහළම ගෞරව දිනාගත් චරිතය බවට පත්විය. ඇය ක‍්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව 2010 වසරේ මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් තරගවැදී පරාජයට පත්වූ අතර 2016 වසරේදී ඇයට ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදේශක ධුරයක් හිමිවිය. අනතුරුව වත්මන් ක‍්‍රීඩා ඇමතිවරයා යටතේ ඇයව සුගතදාස ක‍්‍රීඩා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ධුරයකට පත්කෙරිණි. කොළඹ සුගතදාස ජාතික ක‍්‍රීඩා සංකීර්ණය, සුගතදාස ක‍්‍රීඩා හෝටලය, ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය, මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණය, නුවරඑළිය තුරග තරඟ ක‍්‍රීඩාංගණය, බෙලිඅත්ත පිහිනුම් තටාකය, වීරකැටිය පිහිනුම් තටාකය, දිගන ක‍්‍රීඩාංගණය ආදිය සුගතදාස ජාතික ක‍්‍රීඩා සංවර්ධන අධිකාරය යටතට ගැනෙන අතර 360ක පමණ සේවක පිරිසක් ඒ යටතේ වේ.
 

More News..