brand logo

සුෂාන්ත්ගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ දේ

16 June 2020

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සිදුව ඇත්තේ ගෙල ප්‍රදේශයෙන් එල්ලී සිටීම හේතුවෙන් සිදුව ඇති හුස්ම හිරවීමකින් බව ඔහුගේ මරණය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. 34 හැවිරිදි සුෂාන්ත් සිං පසුගිය ජුනි 14 වැනිදා ඔහුගේ මුම්බාහි නිවසේදී මරණයට පත්ව සිටියදී පොලිසිය විසින් සොයා ගැනුණි. ඔහුගේ මරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භයේදී විවිධ මත පළ වී තිබිණි.පොලිසියේ මූලික වාර්තාවලට අනුව සුෂාන්ත් පසුගිය මාස 06 ක කාලය තුළ මානසික අවපීඩන තත්ත්වයෙන් පෙලී සිට තිබේ. ඔහුගේ ශරීර කොටස් වැඩිදුර රසායනික විශ්ලේෂණ කටයුතු සඳහා අධිකරණ විද්‍යාගාර වෙත යොමුකර ඇත.සුෂාන්ත් සිංගේ අවසන් කටයුතු වෙනුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් සහ හිතවතුන් ඉරිදා (14) රාත්‍රියේ පැට්නා සිට මුම්බායි වෙත පැමිණියහ. ඔහුගේ සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් පැහැදිලි වී නැත. කෙසේ වෙතත් ඔහුගේ පෙර සිදු කළ පරීක්ෂණ පිළිබඳ වෛද්‍ය වාර්තා ඇතුළු ලේඛන කිහියක් සොයාගෙන ඇත. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. සුෂාන්ත්ගේ මරණය හේතුවෙන් බොලිවුඩ්හි දැඩි කම්පනයට පත්ව ඇත. නළු නිළියන්, දේශපාලකයන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. චිත්‍රපට නළුවකු බවට පත්වීමට ප්‍රථම සුෂාන්ත් සිං රාජ්පුත් රුපවාහිනියේ ජනප්‍රිය චරිතයක් වී සිටියේය. 2013 දී බොලිවුඩ් සිනමාවට පිවිසි ඔහු එම්. එස්. දෝනි, ද අන්ටෝල්ඩ් ස්ටෝරි චිත්‍රපටය ඔස්සේ ජනප්‍රියත්වයට පත් විය. නයන තරංග ගමගේ
 

More News..