brand logo

සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 75000 ඉක්මවයි

22 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 811දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 75110ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79999ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඉන් ආසාදිතයින් 4444දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි. කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 445කි.
 

More News..