brand logo

කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 13,000 ඉක්මවයි

20 November 2020

කොවිඩ් ආසාදනය වූ තවත් 368දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මේ වන විට මෙරට ආසාදිතයින් 13,271ක් සුවය ලබා ඇති බවයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 18,841කි. ඉන් ආසාදිතයින් 5497දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද එම ඒකකය සදහන් කරයි. මෙරට තුළ කොවිඩ් ආසාදනයවීමෙන් මියගිය සංඛ්‍යාව 73කි.
 

More News..