brand logo

සුවඳ විලවුන් බෝතලයක් නිසා අහංගම දික්කුඹුරේ පාසලක සිසු සිසුවියන් හතක් රෝහලේ

31 October 2019

අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුවියක් විසින් ගෙන එන ලද සුවඳ විලවුන් කුප්පියක් ආග්‍රහණය කරන ලද සිසුවියන් හය දෙනෙකු සහ සිසුවෙකු සිහිසුන්ව ආසාත්මික තාවයකට ලක්විම නිසා අද (31) දහවල් රෝහල්ගත කර ඇතැයි ඉමදුව පොලිසිය පවසයි. මෙසේ රෝහල් ගතකර ඇත්තේ 8වන ශ්‍රේණියේ සිසුවියන් හය දෙනෙකු සහ සිසුවෙකි. එම පංතියේ සිසුවියකගේ උපන් දින උත්සවය පෙරේදා (30) තිබි ඇති අතර ඒ සඳහා වැලිගම ප්‍රධාන පෙලේ පාසලක ඉගෙනුම ලබන ඇයගේ පෙම්වතා විසින් සුවඳ විලවුන් බෝතලයක් තෑගිකර ඇත. පසුව ඇය අද එම සෙන්ට් බෝතලය පංතියට ගෙනැවිත් ඇති බවත් පංතියේ යහලු යෙහෙලියන් එය ආග්‍රහණය කල අවස්ථාවේ ඔවුන් සිහිසුන්ව අසාත්මිකතාවයකට ලක්ව ඇති බවත් එනිසා වහාම අහංගම ග්‍රාමිය රෝහලට ඇත්ලත් කර ඇති බවත් පොලිසිය පවසයි. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ සිසුන්ගේ තත්වය බර පතල නොවන බවය.
 

More News..