brand logo

සුරූපී නෙදර්ලන්ත කාන්තාවට හෝටලයකදී කරපු නොසණ්ඩාල වැඩේ

05 December 2021

පොලිසියේදී එළියට ආපු කතාව

මහනුවර ඩීඑස් සේනානායක වීදියේ නෙදර්ලන්ත ජාතික පොලිස් නිලධාරිනියකට පහරදුන් බව කියන සංචාරක මඟ පෙන්වන්නෙකු බව පැවසෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය සඳහන් කළා. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක් බවටයි වාර්තා වන්නේ. නෙදර්ලන්ත ජාතික පොලිස් නිලධාරිනියක වන වෑන් බෙහන් මහත්මිය සංචාරයක් සඳහා මෙරටට පැමිණ මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සඳහා මෙම සැකකරුගේ සේවය ලබාගෙන තිබෙනවා. එම සංචාරයේදී නෙදර්ලන්ත ජාතික පොලිස් කාන්තාව සංචාරක මඟ පෙන්වන්නා සමඟ හෝටලයකට ආහාර ගැනීමට ගොස් ඇති බවත්, එම අවස්ථාවේ සංචාරක මඟ පෙන්වන්නාගේ මිතුරන් කිහිප දෙනෙකුද හෝටලයේ සිට ඇති අතර ඔවුන්ගේ කෑම බිල ද ගෙවන ලෙස සැකකරු විදෙස් කාන්තාවට තර්ජනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පසුව මේ සිද්ධිය මුල්කරගෙන දෙදෙනා අතර හෝටලය අසළදී බහින්බස්වීමක් ඇති වී එය දුර දිග ගොස් මේ පහර දීම සිදු ව තිබෙනවා. නෙදර්ලන්ත කාන්තාව කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. විදෙස් කාන්තාව ද තමන්ට පහර දුන් නිසා තමා පහර දුන් බවයි සැකකරු පොලිසියට කියා ඇත්තේ. පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
 

More News..