brand logo

සුරූපී නිළියක් ලිංගික අතවරයට ලක් වෙලා

18 February 2022

නාදුනන කණ්ඩායමක් පැය ගණනක් කරපු අපරාධය

ජනප්‍රිය නිළියක් ලිංගික අතවරයකට ලක්වීමේ සිදුවීමක වීඩියෝ දර්ශන මේ වන විට සමාජ ජාලවල මුදාහැරීමට ලක්ව තිබෙනවා. මෙලෙස මුදාහැරීමට ලක්ව ඇත්තේ ඉන්දියාවේ ජනප්‍රිය මෙන්ම සුරූපි නිළියක වූ භාවනා මේනන් නමැත්තියගේ වීඩියෝවයි.

2017 වසරේදි පෙබරවාරි 17 වැනිදා තමන්ගේම මෝටර් රථය තුළදී ලිංගික අතවරයට ලක්වූ භාවනාගේ වීඩියෝවක් සාක්ෂි ලෙස උසාවියට ලබාදීමෙන් පසු එය ආරක්ෂිතව තිබෙනවා වෙනුවට ඒවා මේ වන විට පහළ උසාවියකින් සමාජයට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

2017 වසරේදි ලිංගික අතවරයකට ලක්වීමේ මෙම නඩුව වීඩියෝ මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට කේරලා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයට විමර්ශනයක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා. ඇය සදහන් කර ඇත්තේ එම දර්ශන පිටවීමත් සමඟ තම පෞද්ගලිකත්වය උල්ලංඝනය වී ඇති බවයි . මේ සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු වෙත ලිපියක් යවා තිබෙනවා. ලිපියේ පිටපතක් ජනාධිපති රාම් නාත් කෝවින්ද්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කේරළ මහ ඇමැති පිනරායි විජයන් සහ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. ඇයගේ ලිපියෙන් නිළිය පවසන්නේ අවසරයකින් තොරව දර්ශන විවෘත කිරීම කම්පන සහගත සිදුවීමක් බවයි. අධිකරණයෙන් තමන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂා කළත් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ඇය පවසනවා. මෙම දර්ශන එර්නාකුලම් දිස්ත්‍රික් සැසිවාර අධිකරණයෙන් පිටවී ඇති බවට සැක කෙරේ. රාජ්‍ය අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව 2019 දෙසැම්බර් 20 වැනි දින නඩු විභාගයේදී දර්ශන කාන්දු වී ඇති බව තහවුරු කළේය.
 

More News..