brand logo

සුරුපිනියක ලෙසින් පෙනීසිටි 40 හැවිරිදි තිදරු මව ලක්ෂ 8ක් ගරාගෙන

21 July 2021

වෙනත් තරුණියකගේ ඡායාරූපයකින් හා නමකින් බොරු වයසක්ද යොදාගනිමින් මුහුණු පොත ඔස්සේ දැන හඳුනාගත් පුද්ගලයකුගෙන් මුදල් ලක්ෂ 8 කට වැඩි මුදලක් වංචා සහගතව ලබාගත් කාන්තාවක් කන්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් තිෂානි තේනබදු නියෝග කළාය. දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ පදිංචි වයස අවු. 40 ක තිදරු මවක් මෙසේ බන්ධනාගාර ගත කෙරුණි. මාතලේ ප්‍රදේශයේ ඉපැරණි වැදගත් වලව් නාමයකින් පෙනී සිට ඇති මෙම සැකකාරිය මුහුණුපොත ඔස්සේ වෙනත් සුරූපී තරුණියකගේ රූපයකින් පෙනී සිට ඇත්තේ වයස අවුරුදු තිහක තරුණියක ලෙසය. තවද ඇය මාතලේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක ලෙසට ද හඳුන්වා දී ඇත. කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ අවුරුදු 32 ක අවිවාහක වෙළෙඳ ව්‍යාපාරික තරුණයකු මුහුණුපොත හරහා ඇය සමග මාස 4 ක පමණ කාලයක් පෙම් කර තිබේ. මහින්ද සේනාරත්න -කන්තලේ
 

More News..