brand logo

සුරාබදු පනත සංශෝධනයට බලධාරීන්ගේ අවධානය යොමුවෙයි

18 April 2021

වසර එකසිය අටක් පැරණි සුරාබදු ආඥාපනත සංශෝධනය සඳහා සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත. එම පනත නව පනතක් හෝ සංශෝධිත පනතක් ලෙස ඉදිරිපත් විය හැකි බවත් අවසන් වාර්තාව අනුව එය තීරණය වන බවත් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි. සුරාබදු කොමසාරිස් ජෙනරාල් ඒ. ජේ. ගුණසිරි මහතා මේ අනුව 15 දෙනෙකු ගෙන් යුත් එම කමිටුව පත්කර තිබෙන බවත් , ප්‍රාරම්භ වාර්තාව ජුනි 30 ට පෙර නිම කිරීමට බලාපොරොත්තු වන බවත්, නි.සුරාබදු කොමසාරිස්වරයා දැනුම් දෙයි. එහිදී සමාජ, ආර්ථික, දේශපාලන හා නෛතික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවලට අනුරූපිව පනත සංශෝධනය කිරිමට අවධානය යොමු කර ඇති බවද සඳහන් කරයි. එසේම දූෂන අවම කර ගැනීමත්, වැරදිවලට දඬුවම් වැඩිකිරිමත්, බදු එකතු කිරිම ක්‍රමවත් කිරිමත් මෙහි මූලික අරමුණු බවද ඔහු සඳහන් කරයි.
 

More News..