brand logo

සුරක්ෂා රක්ෂණයට සුදුස්සෙකු සොයයි

27 December 2019

පාසල් දරුවන්ට 2020 වසරේදී සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම සඳහා රක්ෂණ සමාගම්වලින් ලංසු කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. පසුගිය රජය විසින් අාරම්භ කළ මෙම රක්ෂණාවරණ ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පසුගියදා ප්‍රකාශ කළේය. මෙම රක්ෂණ ක්‍රමය තවත් වැඩිදියුණු කර පාසල් සිසුන්ට උපරිම ප්‍රතිලාභ ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ලංසු කැඳවීමෙන් පසු තෝරා ගන්නා රක්ෂණ සමාගමට රක්ෂණ ක්‍රමය පවත්වාගෙන යාමට අවසර ලබාදෙනු ඇත. පාසල් දරුවන්ගේ දෙමාපියන් අභාවයට පත් වුවහොත් සහ පාසල් දරුවන් රෝගාබාධ සහ කිසියම් ආබාධිත තත්ත්වයට පත් වුවහොත් මෙම රක්ෂණ ක්‍රමයෙන් ප්‍රතිලාභ හිමිවෙයි. උදයජීව ඒකනායක
 

More News..