brand logo

සුරක්ෂා නිවහනේ ලාංකිකයින්ට කොවිඩ්

17 October 2020

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටි සුරක්ෂා නිවහන සඳහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් භාරගැනීම නතර කිරීමට තීරණය කර තිබේ. තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට සහ සුරක්ෂා නිවහනේ දීර්ඝ කාලයක් තිස්සේ රැදී සිටින ගෘහ සේවිකාවන් 160 දෙනාගෙන් බහුතරයකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම අවස්ථාව වන විට සුරක්ෂා නිවහනේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් පැමිණෙන ගෘහ සේවිකාවන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ ගැටලුවක් මතුව ඇති බැවින් මින් ඉදිරියට කිසිදු ගෘහ සේවිකාවක් සුරක්ෂා නිවහනට භාර නොගැනීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ. මේ හේතුවෙන් තම සේවා ස්ථානවල යම් ගැටලුවක් මතු වුවහොත් තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එරට සේවයේ නිරත ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට දැනුම් දී තිබේ.
 

More News..