brand logo

සුරක්ෂා අඛණ්ඩව ඉදිරියටත්

07 June 2020

සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපනන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ සදහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම්පත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුයි. සුරක්ෂා සිසු රක්ෂණය පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සදහා 0112 78 41 63 හෝ 0112 78 48 72 හෝ 0113 641 555 යන දුරකථන අංක මඟින් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
 

More News..