brand logo

සුරංග ලක්මාල් නවසීලන්තයේ වටිනම කඩුළු 4ක් දවාගනී

26 December 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විට නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටිනවා. නවසීලන්තය මේ වන විට කඩුළු 6ක් දැවී ලකුණු 118ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටිනවා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුළු 4ක් මේ වන විට දවාගෙන තිබෙනවා. තරගයේ පැවැත් වෙන්නේ නවසීලන්තයේ Christchurch හිදීයි. මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුණා.
 

More News..