brand logo

සුරංගගේ අවිනිශ්චිතභාවය ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

31 January 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ ශාරීරක යෝග්‍යතාවයක් සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් සුරංග ලක්මාල්ට ඔස්ට්‍රේලියාව සමග කැන්බරා හි පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩාකිරීමට හැකිවෙයිද ? නොහැකිවෙයිද ? යන්න ගැටළු මතුව ඇති බවයි කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් පවසන්නේ. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර සහ දුෂ්‍යමන්ත චමීර ආබාධවලට ලක්ව තිබෙනවා. ඒ අනුව සුරංග ලක්මාල්ට ද දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ ගැටළුවක් මතුව තිබෙනවා. සුරංග ලක්මාල් ඔ්ස්ට්‍රේලියාව සමග පැවැත්වුන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 75කට කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චන්දිමාල් පවසන්නේ, "අපි ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කරනවා. ඔහු සම්බන්ධයෙන් තීරණයක් අපි අරගෙන නැහැ." යම්හෙයකින් සුරංග ලක්මාල්ට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත්, මේ වන විට ඔ්ස්ටේ්‍රලියාවට පැමිණි සිටින චාමික කරුණාරත්න සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩාකරනු ඇති. නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර සහ දුෂ්‍යමන්ත චමීර වෙනුවට කසුන් රජිත සහ විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. "අපි ක්‍රීඩා කරන්නේ පිතිකරුවන් 7දෙනෙකු සහ පන්දු යවන්නන් සිව්දෙනෙකු සමගයි. අපි ධනාත්මකව ක්‍රීඩා කළ යුතුයි. අපිට මෙම තරගය ජයග්‍රහණය කරන්න නම් පන්දු යවන්නන් හතරදෙනෙක් අවශ්‍යයි. අපි මීට වැඩිය වගකීමක් ගන්න අවශ්‍යයි කණ්ඩායමක් විදිහට. අපිට සිද්ධ වෙනවා ලකුණු 300ක් ලබාගන්න පළමුව පන්දුවට දුන්නොත් මේ තරගය ජයගන්න. මේක ලොකු අභියෝගයක් ක්‍රීඩකයන්ට. අපි දන්නවා කණ්ඩායම තුළ යම් යම් දේවල් තියෙනවා. අපි ඒ්වා පාලනය කරගෙන, කතාබහකරලා විසදගෙන තරගයේදී හොදින් ක්‍රීඩා කරන්න අවශ්‍යයි."
 

More News..