brand logo

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට සිට

03 April 2019

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලිය හෙට (04) ආරම්භවීමට නියමිතව තිබේ. හෙට සිට ආරම්භ වන මෙම තරඟාවලිය ලබන 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් 4කින් සමන්විත මෙම තරඟාවලියේ තරග 8ක් පැවැත්වීමට නියමිතය. මෙම කණ්ඩායම් හතර නම් කර තිබෙන්නේ කොළඹ, නුවර, ගාල්ල සහ දඹුල්ල යනුවෙනි. එහි නායකයන්, කොළඹ කණ්ඩායම - දිනේශ් චන්දිමාල් දඹුල්ල කණ්ඩායම - ඇන්ජලෝ මැතිව්ස් ගාල්ල කණ්ඩායම - ලසිත් මාලිංග මහනුවර කණ්ඩායම - දිමුත් කරුණාරත්න (කණ්ඩායම් හතරේ සංචිත පහතින් වේ) මෙම තරගාවලියේ තරගය සියල්ලම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සහ පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව හෙට (04) පෙරවරු 9.45ට තරගාවලිය ආරම්භවීමට නියමිතය.
 

More News..